Friday, August 31, 2018


කොරවක් ගල
මුරගල ආසන්නයේම දක්නට ලැබෙන කොරවක් ගලද ලක්දිව කැටයම් කලාව මූර්තිමත් කරන්නකි.ඉතා සරල අන්දමින් ආරම්භ වූ කොරවක් ගල අනුරාධපුර යුගයේ දෙවන භාගයේ දී මකර කොරවක් ගල බවට පත් විය.අඩක් ඉස්මතු කළ කුළුණක් මත සිටගත්මකර රූපයක් හාඋගේ විවෘත මුඛයෙන් නික්මී පහළට වක් වී යන ලියවැලක් මෙම මකර කොරවක් ගල්වල දක්නටඇත. මෙම මකර රූපයට භාරතීය ආභාසය ලැබී ඇත. පැරණි භාරතීය කලාකරුවා මකරු නිරූපණය කර ඇත්තේ මනඃකල්පිත සත්ත්වයෙකු මෙන්ය. මකර රූපය නිරූපණය කර ඇත්තේ ජීව ලෝකයේ හමුවන සත්ත්වයින් හත්දෙනෙකුගේ අංගෝපාංග ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
01        කිඹුලාගේ         කට
02        ඇතාගේ           හොඬවැල
03        සිංහ‍යාගේ        පාද
04        ඌරාගේ           කන්
05        මාළුවාගේ        කඳ
06        හංසයාගේ        පිල්කළඹ
අනුරාධපුර යුගයේ පැවති කොරවක් ගල ඒ අයුරින්ම පොළොන්නරු යුගයේදීද දක්නට ලැබේ.නමුත් සංක්‍රාන්ති යුගයේදී මකර කොරවක්ගල හදිසියේම "ගජ සිංහ" කොරවක් ගල බවට පරිවර්තනය විය. මෙය නිර්මාණය වී ඇත්තේ සිංහයාගේ ශරීරයත්, ඇතාගේ ශීර්ෂයත් ඒකාබද්ධ


අපේ රටේ පැරණි බුදු පිළිම
ගෞතම බුදුරජාණන් වහන්සේට බැතිමතුන්ගේ තිබූ ගෞරවය පිළිබිඹු කිරීමට බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයේදී මූර්ති ශිල්පීහු බුදු පිළිම නෙලීමට පෙළඹුණහ. බුදු පිළිම නෙලීමට පෙර කාලයේ බුදුරජුන්ගේ සිරිපතුල වැඳීමට ගෞතම බුදුන් සරණ ගිය බැතිමත්හු පෙලඹී සිටියහ.
බුදු පිලිම කලාව තුල ගාන්ධාර ,මථුරා සහ අමරාවතී කලා සම්ප්‍රදායන් දක්නට ඇත. පරණිතම බුදු පිළිම ඉන්දියාවේදී හමුවන්නේ වයඹ දිග පෙදෙසිනි. ඒ ක්‍රි.ව. 120දී පමණ රජකල කනිෂ්ක රජ දවසේදීය. නමුත් අපේ රටේ බුද්ධිමතුන්ගේ මතයට අනුව පරණිතම බුදු පිළිම ලංකාවේදී නිර්මාණය කර ඇත.
අනුරධපුර සමාධි බුදු පිළිමය
අනුරධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති සමාධි පිළිමය තුලින් පිළිඹිබු වන සජීවී භාවය නිසා එය ලොව වඩාත් ප්‍රසිද්ධ්යට පත්වූ නිර්මානයක් ලෙසින් සලකේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මෙයින් විදහා දැක්වේ. හිඳි පිලිමයක් වන මෙහි වම් පාදයට උඩින් දකුණු පාදය තබා ගෙන සිටින ආකරය "වීරාසන" මුද්‍රාව ලෙසත් වම් අත මත දකුණු අත තබා සිටින ආකාරය "සමාධි"මුද්‍රාව ලෙසත් හඳුන්වයි. සමාධි බුදුපිළිමය අඩි7 අඟල් 3ක් උසය
අවුකන බුදු පිළිමය
බුදුරජාණන් වහන්සෙගේ මහා පුරුෂ ලක්ෂන මෙම පිළිමය තුල නිර්මාණය කර ඇත. කලා වැවට මුහුණ ලා පද්මාසනයක් මත නෙලා තිබේ. අඩි 37.26ක් උස අවුකන පිළිමය දකුණු අතේ අත්ල පිළිමයේ වම් පසට හරවා සිටින අයුරින් නිර්මාණය කර ඇත. මෙම බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8වනි සියවසේ පමණ නෙලන්නට ඇති බව විශ්වාස කෙරේ.
මාලිගාවිල බුදු පිළිමය
මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියේ පිහිටා ඇති මෙම පිළිමය වෙනත් පිළිම මෙන් කළුගලින් නෙලා නැත. මෙය ස්ඵටික හුනු ගලින් නෙලා ඇත. මෙය හිටි පිළිමයකි. අඩි 37 අඟල්10 ක් උසය. දැනට ලංකාවේ ඇති උසම හිටි පිළිමයයි.
ගල් විහාරයේ බුදුපිළිමය
පොලොන්නරුවේ ගල් විහාරයේදී බුදුපිළිම සතරක් දක්නට අත. සමාධි ප්‍රතිමා දෙකක්ද හිටි පිළිමයක් හා සතපෙන පිළිමයක්ද දක්නට ඇත. මෙම පිළිම ගල් පර්වතයටම සම්බන්ධකර නිර්මාණය කර තිබේ.
හිඳි පිළිමය වජ්‍රාසනාරූඞ ධ්‍යාන මුද්‍රාවෙන්ද, හිටි පිළිමය සමාදි ඉරියවුවෙන්ද දක්නට හැකි හිඳි පිළිමය විශාල ප්‍රමාණයේ සැතපෙන පිළිමයකි. හිටි පිළිමය අඩි 22 අඟල් 9ක් උසය. මෙය ක්‍රි.ව. 1153 දී පමණ මහා පරාක්‍රමබහු රජතුමා විසින් කරවන ලද්දකි.
මහ ඉලුප්පල්ලම පිළිමය
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව මෙය දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ අමරාවතී බෞද්ධ කලා මධ්‍යස්ථානයේ සිට ගෙන එන ලද්දකි. ක්‍රි.ව. පළමු සියවසේදී නිර්මාණය කරන්නට අතැයි සැලකෙන මෙම ප්‍රතිමාව අඩි හයක් උසය.
තොලුවිල බුදු පිලිමය
ක්‍රි.ව. 1890 දී පුරාවිද්‍යා කොමසාරිස් H.C.ඵ්. බෙල් මහතා විසින් අනුරාධපුරයේ තොලුවිල ප්‍රදේශයෙන් සොයාගන්නා ලද විශිෂ්ඨ නිර්මාණයකි. මෙම ප්‍රතිමාව අනුරාධපුරයෙන් හමුවූ අනර්ගතම ප්‍රතිමාව මෙය යයි මොහු ප්‍රකාශකලේ මෙම පිළිමයෙන් මතුවන උත්තරීතර ශ්‍රේෂ්ඨත්වය නිසා විය හැකිය.
ප්‍රතිමාවේ මුහුණින් මතුවන ශ්‍රී සෝභාව විශිෂ්ඨය හිසකේ අක්බඹරු වී ගිය විලාශයක් දක්නට ලැබේ. චීවරය රැලි රහිතය. සමාධි පිළිමය මෙන් ධ්‍යාන මුද්‍රාවෙන් යුක්ත වීරාසන ක්‍රමයට අඩි 5 යි අඟල් 9 ක් උස මෙම පිළිමය දැනට කොළඹ ජාතික කෞතුකාගරයේ දක්නට ඇත මෙය 5වන සියවසට අයත්ය.
සැස්සේරුව හිටි පිළිමය
සැස්සේරුව වනගත ගිරි දුර්ගයෙන් සොයාගත් යෝධ හිටි පිළිමය ක්‍රි.ව. තුන් වන සියවසට අයත් යයි සැලකේ. මෙය අවුකන පිළිමයට වඩා උසින් අඩුය. ගලේ ඇතුලට වන්නට නෙලා ඇති අතර පාද වලට පාදමක් සවිකර නොමැත. අභය මුද්‍රාව නිරූපනය කරයි. පරණවිතාන මහතගේ අදහස වන්නේ,මෙය මහායාන භික්ශූන්ගේ අනුශාසනාව පරිදි මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක් බවයි. ප්‍රතිමාවේ වඩ අවසන් කිරීමට ප්‍රථම රජතුමා මියගිය බැවින් එහි වැඩ අවසන් නොකල බවද සඳහන් වේ.
H.C.P . බෙල් මහතාගේ වාර්තාවේ පරිදි මෙම පිළිමයේ උස අඩි 39 අඟල් 3 කි. හිස අඩි 7 යි අඟල්4 කි. පාදය අඩි 7 යි අඟල් 4 කි. මෙය මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවක් යයි සලකේ. අවුකන පිළිමයට නුදුරින් පිහිටි සස්සේරුව බුදු පිළිමය විශිෂ්ඨ කලා ලක්ශණ පිළිබිඹු කරයි. පර්වත බිත්තියෙහි පූර්ණ උන්නතව නෙලා ඇති මෙම බුදු පිළිමයෙහි දකුණු අතෙහි දැක්වෙන්නේ අභය මුද්‍රාවයි.
බුදුරුවගල පිළිමය
වල්ලවායේ සිට සතපුම් හතරක් දුර ඝණ වනයක පිහිටි විශාල ගල් පවුවක් පසුබිම් කරගනිමින් බුදුරුවගල පිළිමය නිර්මාණය වී ඇත. උස අඩ් 50ක් වන බුදුරුව ක්‍රි.ව. 7 වන සියවසට අයත් බව විශ්වාස කෙරේ. අභය මුද්‍රාවෙන් නෙලා අති මෙම හිටි පිලිමය ගලෙන් මතුකර බදාමයෙන් සම්පූර්ණ කර තිබූ බව පෙනෙයි. මෙහිදෙපා සහ පද්මාසනය වෙන වෙනම තනා සවිකර තිබේ. බුදුරුවට දෙපසින් අඩි 40ක් පමණ උසැති බෝසත් රූ දෙකක් දැකිය හැකිය.
තන්තිරිමලේ පිලිමය
ක්‍රි.ව. පස්වනි සියවසට අයත් යයි සැලකෙන හිඳි පිළිමයක් තන්තිරිමලේ පර්වතයක නෙලා ඇත. පර්වතයේ නොගැඹුරු වලක් වැනි තැනක පිටට නෙරා තිබෙන මේ ප්‍රතිමාවේ හිසට පිටුපසින් රශ්මි මාලාවක්ද පිළිබ්ඹු කර ඇත. එසේම ආසනයේ පිට තබා ගැනීමට ඇන්දක්ද තිබේ. අන්දේ උඩකොටස ඉදිරියට නෙරා ඇති මකර හිස්වලින්ද පැති සිංහ රූපයන්ගෙන්ද අලංකාර කර ඇත. ආසනය පිටුපස දෙපැත්තෙන්ම චාමර අතින්ගත් දේව රූප දැක්වේ


වාහල්කඩ
ලාංකීය කලා ශිල්පීන් විසින් සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් විවිධ කැටයම් නිර්මාණය කර ඇති අපූරුව දකිය හැකි අවස්ථා බොහෝයි. මේ නිර්මාණ අතර සුවිශේෂ නිර්මාණයක් ලෙස චෛත්‍ය හා සම්බන්ධ වූ වාහල්කඩ හඳින්විය හැකිය. වාහල්කඩ තැනීමේ අදහස කුමක්ද යන්න පැහදිලිව කිවනොහැකි වුවත්, ස්තූප ඉඳිකර ඒවායේ අලංකරය සඳහා කරන ලද නිර්මාණයක් බව හොඳින් පැහැදිලිය. ස්තූපයේ සතර පැත්තේ වාහල්කඩ සතරකින් අලංකාර වන අතර භාරතයේ චෛත්‍යවල වාහල්කඩ හා සමාන අංගයක් ලෙස තොරණ නිර්මාණය කොට තිබේ. වාහල්කඩ ගඩොලින් කරන ලද නිර්මාණයක් වන අතර තොරණ ලීයෙන් කරන ලද නිසා ඒවා අද වනවිට අභාවයට ගොස් තිබේ.
මෙතෙක් හමුවී ඇති වාහල්කඩ අතරින් මිහින්තලේ කන්ඨක චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩ උසස් කලා නිර්මාණ වලින් යුක්ත වාහල්කඩ ලෙස සලකෙයි. චෛත්‍යයේ සතර පැත්තේ ඇති මෙම වාහල්කඩ වල සිරිපා යුගලක් සටහන් කර පුවරුවක් බැගින් තිබුණි. නිර්මාණය කර ඇති ආකරය හා සැලැස්ම අතින් වාහල්කඩ සතර එකිනෙකට සමාන බවක් පෙන්වයි. නැගෙනහිර වාහල්කඩෙහි පහල තීරුව ඇත් හිස් වලින් නිර්මාණය කර ඇත. ඉහලම තීරු දෙකින් එකක හංස රූප දැක්වෙන අතර අනෙක් තීරුව විවිධ ඉරියවු වලින් සිටින වාමන රූප දැක්වේ.
වාහල්කඩ සතරේ ඇති සෑම ගල් කණුවක් මුදුනේම ඇත්, අස්, ගව, සිංහ රූපයක් දක්නට ලැබෙයි. උතුරු වාහල්කඩ ගල්කනු මත සිංහ රූපයද නගෙනහිර වාහල්කඩ ගල්කනු මුදුනේ ඇත් රූපයද දකුණු වාහල්කඩේ ගව රූප දෙකක්ද බටහිර වාහල්කඩේ අශ්ව රූප දෙකක්ද දක්නට ලැබෙයි.


සඳකඩ පහන
අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටු වල පියගට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවා කාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්වයි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේදී හා පොලොන්නරු යුගයේ දී ය.
අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහණේ පිටතට හා ඇතුලතට විහිදුනු පෙති දෙපෙලක් සහිත සම්ප්‍රදායිකව අපට දැකිය හැකි අර්ධ පද්මයක් හෙවත් පියුමක් තිබෙනවා හංසාවලිය ,ලියවැල හා එකිනෙකා පිටුපස එකිනෙකා ගමන් කරන ඇතා,ගවයා,සිංහයා,අශ්වයා යන සතුන් හතර දෙනාත් අර්ධ පද්මයත් සමගම සඳකඩ පහණේ කැටයම් කර තිබෙනවා. එමෙන්ම සඳකඩ පහණේ කෙළවර ගිනිසිලු ආකාරයේ පළාපෙති කැටයමක්ද දක්නට ලැබේ. මේ සියලු කැටයම් ඉතා අලංකාර ලෙස එකල ගල්වඩුවා නෙලා ඇති බව අනුරාධපුර සඳකඩ පහණ අධ්‍යයනයේදී පෙනී යයි.
පොලොන්නරු යුගයට අවතීර්ණ වීමේදී ක්‍රමයෙන් සඳකඩ පහණේ සිටි සත්වපේළියේ ගවයා ඉවත්වී තිබෙනවා. එමෙන්ම ලියවැල ඉතා හොඳින් කැටයම් කර ඇති අතර මෙහි පලාපෙති මෝස්තරය ඉන්දියාවේ  නාගාර්ජුන කැටයම් වලට සමාන ලක්ෂණ පෙන්වයි. මෙම කාලයේ සඳකඩ පහණින් ගවයා ඉවත් වූයේ දමිළ ආක්‍රමණ නිසා එකල රාජ වන්ශිකයින් ශිව දෙවියන් අදහූ නිසාත් ,ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනය නිසාත් බව විචාරකයෝ අදහස් දක්වති.
පොලොන්නරු යුගයේ නටඹුන් වල අපට අර්ධ කවාකාර සඳකඩ පහණ හමු වුවත් පොලොන්නරු යුගයට අයත් ආලාහන පිරිවෙනේ ඇති සඳකඩ පහණ හතරැස් ආකාර ගන්නවා. මෙහි හංසාවලිය හා අර්ධ පද්මය පමණක් දක්නට ලැබෙනවා.
සඳකඩ පහණේ අර්ථය
විවිධ පුරාවිද්‍යාඥයින් මේ සඳකඩ පහණේ අර්ථ දැක්වෙන දේ පිළිබඳ විවිධ අදහස් දරනවා. මේ අතර පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා විසින් පළ කළ අදහස බොහෝ දෙනා පිළිගන්නවා.
"සඳකඩ පහණේ ඇති ලියවැල තුලින් තණ්හාව මුර්තිමත් වන බවත්, ලෝක සත්වයා තණ්හාව නැමති ලතාවෙන් බැඳී කම්සුව විඳින බවත් පෙන්නුම් කරයි. හංසාවලිය තුළින් තණ්හාවට පිටුපා ගිහිගෙය හැරයන ආර්යයන් පෙන්වන බවත් හංසයා කිරෙන් දිය වෙන්කල හැකි සත්ත්වයෙක් බව පිළිගන්නා නිසා හොඳ නරක වෙන්කර ගත හැකි පුද්ගලයින් මේ තුලින් පිලිබිඹු වන බවත් පෙන්නුම් කරයි.
මෙහි කැටයම් කර ඇති පියුමෙන් ශුද්ධ වාසයක් වන බඹලොව පෙන්නුම් කරන බවත් රාග, ද්වේශ, මෝහ නම් වූ ගින්නෙන් පිළිස්සෙන ගිනිසිළු ආකාර පලාපෙති වලින් ලෝක සත්ත්වයා පෙන්නුම් කෙරෙනවා ඇතා,අශ්වයා,සිංහයා,ගවයා ගෙන් ජාති ජරා ව්‍යාදී මරණ යන සතර භය පෙන්නුම් කරන බවත් සතුන් හතර දෙනා කවය තුල නැවත නැවතත් කටයම් කිරීම තුලින් ලෝක සත්වයා ඉපදෙමින් මිය යමින් නැවත අඛණ්ඩව සසර පුරා ගමන් කිරීම සිදුකරන බව මේ තුලින් පෙන්නුම් කරන බව පරණවිතාන මහතාගේ අදහසයි. එමෙන්ම දුක අවබෝධ කරගත් සත්ත්වයා කෙසේ හෝ නිවන් මාර්ගයට යන බවද මේ මගින් අදහස් වන බවද පරණවිතාන මහතා තවදුරටත් දක්වා සිටියි.


මුර ගල
අතීතයේ සිංහල කලා ශිල්පියාගේ අපූරු නිර්මාණයකි මුරගල. මෙය දොරටු පාල රූපය ලෙසද හඳුන්වයි. කළු ගලින් හෝ හුණු ගලින් නිර්මාණය කළ මේ ගල් පුවරුවේ මුදුන කවා කාර හැඩයකින් යුක්තය පැරණි ගොඩනැගිලි වල පියගැට පෙළ ඉදිරිපිට ඉදිකරන ලද මුරගල කොරවක්ගලට සම්බන්ධ වූවකි. අනුරාධපුර මුල්යුගයට අයත් මුරගල් වල කැටයම් දක්නට නොලැබේ. මුරගල් වල කැටයම් කිරීම ක්‍රමයෙන් ආරම්භ වූවකි. මේ අනුව කලකට පසුව මුරගල් පුන්කලස් යොදා ගෙන අලංකාර කෙරිනි. අනුරාධපුරයේ මහා විජයබා මාලිගයේ හා අස්ගිරිය දොරටුව අභියස ඇති මුරගල් වල එක් තැනක පුන් කලස රේඛා වලින් දක්වා ඇති අතර තවත් අවස්ථාවක බහිරව රූප යොදා මුරගල අලංකාර කර ඇත. එම මුරගල් වලින් නිරූපනය වන්නේ ඉසුරට අධිපති කුවේරයාගේ අතවැසියන් වන පද්මනිධි,සංඛනිධි දෙදෙනා යැයි අදහසක් ද වේ.
පසු කාලීනව පුන් කලස හා බහිරව රූපයද ඇතුළත් කර සිංහල කලා ශිල්පියා මානව රූපයකින් යුත් වඩාත්කලාත්මක මුරගල් නිර්මාණය කරන ලදී. එම මානව රූපයෙන් නිරූපනය වන්නේ මිනිස් වෙසින් සිටින නා රජෙකු යැයි වියත්හු පවසති. මේ නා රජුගේ දොරටු පාල රූපයේ මුහුන ශාන්තය. තරුණ රණ පෙනුමකින් යුක්තය. දෙනෙත් විවෘතය. කර්ණාභරණ හා ග්‍රීවාභරණ නිසා රූපයේ චිත්තාකර්ශණීය බවක් ඇතිවේ. එම රූපයේ යටි කය දූතියක් වැනි ඇඳුමකින් සරසා ඇති අතර රෙදිපිළි වල රැලි දක්වා ඇත්තේද සිත් කලු අයුරෙනි. රූපයේ පාමුල බහිරව රූපයක් හෝ දෙකකි. නා රජුගේ එක් අතක ඇති පුන්කලස නෙළුම් මලින් හා නෙළුම් කොළ වලින් පිරී ඇත. පහලට හෙලන ලද අනෙක් අතින් ඉහලට විහිදී යන ලතාවක් දක්නට ලැබේ. එය ඉතා සූක්ෂම ලෙස කැටයමට නගා තිබේ .හිස වටා ඇත්තේ නයි පෙණ වටයකි. එය ගල් පුවරුවේ මුදුනේ ඇති කවාකාර හැඩය අනුව සැකසී ඇත. හිස පැලඳි කිරුළද කවාකාර හැඩයකින් යුක්තය.
රත්න ප්‍රාසාදයේ මුරගල
අනුරාධපුර යුගයට අයත් උසස් කලා ලක්ෂණ පිරි මුරගල ලෙස සැලකෙන්නේ රත්න ප්‍රාසාදයේ ඇති මුරගලයි. මේ මුරගලේ නාරජුගේ රූපයේ ශරීර අවයවයන්ගේ හැඩය මතුකර දැක්වීමටත් ගත සරසන ලද ආභරණ ආදියේ සියුම් අංග මනා සේ දැක්වීමටත් ශිල්පියා සමත් වී ඇත. රූපයේ හිස වටා නයි පෙන හතකි. පාමුල බහිරව රූපයකි. මුහුනේ බැල්ම පියකරුය එහි ඇති විශේෂ ලක්ශණයක් නම් හිසට ඉහලින් ඇති කවාකාර කොටස කැටයමින් අලංකාර කර තිබීමයි.එහි යොදා තිබෙන මකර මුඛ සහ ගව රූප ඉතා සූක්ෂම ලෙස කැටයම් කර ඇත. එක් අසෙකින් මුර ගලට සම්බන්ධ කර ඇති කුලුනු හිස මත ඇතෙකුගේ රුවක් මූර්තිමත් කර ඇත. රත්න ප්‍රාසාදයේ මුරගල සජීවී ලක්ෂණයන්ගෙන් යුක්ත නිර්මල කලාකෘතියක් යැයි පුරාවිද්‍යාඥ හොකාර්ට් මහතා ද සඳහන් කරඇත.


ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය
සමානුපාතිකය  1:2
භාවිතයට ගැනුණේ       May 22, 1972.
ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.
ශ්‍රී ලංකා ජාතික ධජය
එහි දිග පළ‍ලෙහි අනුපාතය 1.2 වේ.එනම් උස/පළල ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් චන පරිදි ය.
ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස්
·         කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
·         කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.
·         බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.
·         තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
·         කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු සුළු ජාතීන් නියෝජනය.
·         එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.
·         සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම.
·         1948 නිදහස ලැබෙන චිට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි.මෙම පැරණි ජාතික කොඩිය චෙනුචට සංශෝධිත ‍කොඩියක අචශ්‍යතාච ප්‍රබලච මතු චිය.
මේ අනුච 1948 මාර්තු 06 චැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල චශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා චිශේෂ කමිටුචක් පත් කළ අතර එම කමිටුච මෙසේය,
·         එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)

·         ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා
·         ජේ.ආර්. ජයචර්ධන මහතා
·         ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
·         ටී.බී. ජයා ම
·         සෙනට් සභික එස්. නඩේසන් මහතා
·         ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)

ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට .1951 ‍පෙබරවාරි27 චෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත චී 1951 මාර්තු 31 චෙනිදා පැරණි පාර්ලිමේන්තුච ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නච ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා චිසින් ඔසචන ලදි.නව ජාතික කොඩිය සම්මත වීෙමන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය.1972 දී කොඩියේ රතු කොටුවේ මුළු හතරේ වූ පුටු කකුල් හතර ඉවත් කර බෝපත් හැඩ 4 ක් එකතු විය.ඉන් පසු නව ජාතික කොඩිය ප්‍රමිති කාර්යාංශය මගින් පළ කළ පොතක් මගින් නියම ප්‍රමාණ සහිතච සම්මතයන් ඉදිරිපත් කෙරිණි.
නව ජාතික ධජයේ චිත්‍ර නිර්මාණ භාරව කටයුතු කළේ එවකට රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ය. කලාශූරී එස්. පී.චාල්ස් මහතා එම නිර්මාණ කටයුතුවල සහායක ලෙස කටයුතු කළේ ය. නිදහසෙන් පසු නිර්මාණය වූ ප්‍රථම ජාතික කොඩියේ ප්‍රධාන ලක්‍ෂණය වූයේ පැරණි සිංහල ධජයට වම් පසින් කොළ යා රඹ පැහැ සිරස් පටි දෙකක් යා කොට එක් කිරීම ය.තවද ඒ පටි දෙක හා රතු ඍජුකෝනාඝ්‍රය අතර කහ පටියක් ද සමස්ත කොඩිය වටේම කහ පැහැ පටි සිරස්ව හා තිරස්ව යෙදීමද සිදු විය.මෙම කොඩියේ කොළ හා තැඹිලි (රඹ) පැහැති සිරස් පටි සමාන පළලකින් යුක්ත ය.සමස්ත කොඩියේ තිරස් පළලට,මෙම එක් සිරස් පටියක පළල දරන අනුපාතය 1.7 වේ.එනම් මුළු කොඩියේ තිරස් පළල කොටස් 7ට ‍බෙදු විට (කොළ පැහැති පටියට බාහිරව ඇති කහ පාට තිරස් පටියේ පළල කොටස අතහැර) 1/7 පළල ප්‍රමාණයක් තිරස් කොළ හා තැඹිලි පටිවල වෙන වෙනම තිබිය යුතු ය.ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම,දිග පළල, වර්ණය ආදිය සම්බන්ධයෙන් S.L.S 693-1985 අංක දරණ ශ්‍රි ලංකා ජාතික කොඩිය සදහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු ‍වේ.
ජාතික කොඩි‍ය භාවිත කළ යුතු ආකාරය
·         ජාතික ‍කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැ‍ගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.
·         ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙ‍ළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.
·         කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.
·         කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.
·         ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.
·         ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.
·         හානියට පත් වූ හෝ අවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.
·         ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.
·         ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.
·         ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.

අවුකන විහාරය