එම්. සාර්ලිස් 1880 -1955,
වර්ෂ 1880 ජූනි 25 වන දින අම්බලන්ගොඩ උපත ලබමින් 1955 නොවැම්බර් 21 දින අප අතරින් සමුගත් එම්. සාර්ලිස් (මාලිගාවගේ සාර්ලිස්) බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක්ඇ ති කළ ශිල්පියෙකි.ටවර් නෘත්‍ය ශාලාවේ චිත්‍ර වස්ත්‍ර සකස් කළ රිචඞ් හෙන්රිකස්ගේ බටහිර චිත්‍ර කලා ශෛලීයලක්ෂණ එම්. සාර්ලිස්ගේ බෞද්ධ චිත්‍ර නිර්මාණ සඳහා ආභාසය විය.එම්. සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් නිර්මාණ, විහාර සිතුවම් හා ලිතෝ මුද්‍රිත සිතුවම්ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය.යටත් විජිතකරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබූ බි්‍රතාන්‍ය රැජිනගේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට පුරෝගාමී වූයේ එම්. සාර්ලිස් ශිල්පියා ය.ඔහු විසින් අඳින ලද බෞද්ධ සිතුවම් 1923 දී ජර්මනියට යවා ලිතෝ මුද්‍රිත ක්‍රමයෙන් පිටපත්ලබා ගැනිණ. එවැනි සිතුවම් 36 ක් විය. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයකි.
වර්ෂ 1880 ජූනි 25 වන දින අම්බලන්ගොඩ උපත ලබමින් 1955 නොවැම්බර් 21 දින අප අතරින් සමුගත් එම්. සාර්ලිස් (මාලිගාවගේ සාර්ලිස්) බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක්ඇ ති කළ ශිල්පියෙකි.ටවර් නෘත්‍ය ශාලාවේ චිත්‍ර වස්ත්‍ර සකස් කළ රිචඞ් හෙන්රිකස්ගේ බටහිර චිත්‍ර කලා ශෛලීයලක්ෂණ එම්. සාර්ලිස්ගේ බෞද්ධ චිත්‍ර නිර්මාණ සඳහා ආභාසය විය.එම්. සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් නිර්මාණ, විහාර සිතුවම් හා ලිතෝ මුද්‍රිත සිතුවම්ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය.යටත් විජිතකරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබූ බි්‍රතාන්‍ය රැජිනගේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට පුරෝගාමී වූයේ එම්. සාර්ලිස් ශිල්පියා ය.ඔහු විසින් අඳින ලද බෞද්ධ සිතුවම් 1923 දී ජර්මනියට යවා ලිතෝ මුද්‍රිත ක්‍රමයෙන් පිටපත්ලබා ගැනිණ. එවැනි සිතුවම් 36 ක් විය. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයකි.- - සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
- - පියුම් පිට වැඩීම
- - ශිල්ප දැක්වීම
- - සිදුහත් යශෝධරා සරණ මංගල්‍යය
- - සිදුහත් කුමරු හා මව් බිසව
- - දුෂ්කර ක්‍රියාව
- - සීවලී මහරහතන් වහන්සේ
චිත්‍ර අවකාශයේ ගැඹුර මතුවන සේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වභාවිකවාදීශෛලියකින් රූප සංරචනය කිරීම දක්නට ලැබේ.පෙරබිම, මැදබිම සහ පසුබිම යන තල මත පර්යාලෝක ලක්ෂණයට අනුගත වෙමින් රූප හාසිද්ධි ගණනාවක් සිතුවම් කර ඇත.සිතුවමේ පසුබිම අවකාශ පර්යාලෝක ලක්ෂණ සහිතව භූමි දර්ශනයකින් සමන්විත ය.ත්‍රිමාන ලක්ෂණ මතුවන සේ විචිත්‍ර වර්ණමාලාවක් භාවිත කර ඇත.අපරදිග/බටහිර ස්වභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය අනුව රූප රචනය කර ඇත.පුනරුද යුගයේ චිත්‍ර ශිල්පීන් අඳින ලද මරියතුමිය හා ජේසු බිළිඳා දැක්වෙන මැඩෝනා චිත්‍රවලආභාසය දැක ගත හැකි ය.සිතුවමේ මානව රූප සඳහා විචිත්‍ර ලෙස යොදා ඇති වස්ත්‍රාභරණ පෙරදිග ශෛලියේ ආභාසයපෙන්නුම් කරයි. විශේෂයෙන් ඉන්දියානු සම්ප්‍රදායේ ඇඳුම් පැලඳුම්වල ලක්ෂණ කැපී පෙනේ.රූපවල ත්‍රිමාන ලක්‍ෂණ ඉතා හොඳින් මතු කර ඇති අතර විචිත්‍ර වර්ණමාලාවක් ද වේ.සිදුහත් කුමරු හා මව් බිසව දක්වා ඇත්තේ මාළිගා අභ්‍යන්තර සමීප රූප දර්ශනයක් ලෙස ය.සමස්ත සිතුවමේ පෙරබිම සහ පසුබිම පමණක් දක්වා ඇත. මාළිගා කවු`ඵවෙන් පෙනෙන පසුබිම පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක් ලෙස දක්වා ඇත.
එම්. සාර්ලිස්ශි ල්පියාගේ සිතුවම්වල දැකිය හැකි කලා ලක්ෂණ
එම්. සාර්ලිස්ශි ල්පියාගේ සිතුවම්වල දැකිය හැකි කලා ලක්ෂණ
- මනා සම්පිණ්ඩනය
- පර්යාලෝක ලක්ෂණ දැක්වීම
- එළිය අඳුර හා ත්‍රිමාන ලක්ෂණ දැක්වීම
- දීප්තිමත් වර්ණ භාවිතය
- විචිත්‍ර සැරසිලිකරණය
- බටහිර ස්වභාවික ශෛලියේ ආභාසය

