Showing posts with label එස්.පී. චාර්ල්ස් 1916. Show all posts
Showing posts with label එස්.පී. චාර්ල්ස් 1916. Show all posts

Monday, August 13, 2018

එස්.පී. චාර්ල්ස් 1916

1916 මාතර වැලිගම උපත ලත් එස්.පී. චාල්ස් කොක්මාදුවේ නානායක්කාර ශිලපයා යටතේ මූලිකව චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත.පාරම්පරික බෞද්ධ සිතවම් පිටපත් කිරීම හා එහි උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක්ක ළ ශිලපයෙකි. එස්.පී. චාල්ස් 1944 දී කොළඹ කාර්මික විදුහලේ චිත්‍ර අංශයේ ජේ.ඩී.ඒ. පෙරේරා යටතේ අධ්‍යාපනය ලැබුවෙකි. 1947 දී එහි කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇත.ඔහු කලා ශූරී සම්මානයෙන් පිදුම් ලද ශිල්පියෙකු වේ. ඔහු විසින් කරන ලද විශිෂ්ඨ නිර්මාණ වශයෙන් ගංගාරාමයේ බුදු සිරිත (අඩි 2200) හා දෙගල්දොරුව වැනි විහාර සිතවම් පිටපත් කිරීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකා රජයේ ජාතික කොඩිය හා පාර්ලිමේන්තුවේ සංකේතය වන සෙංකෝලය යන නිර්මාණ සඳහා ඔහුගෙන් ලද දායකත්වය ඉතා විශිෂඨ වේ.

ජාතික කොඩිය

වර්තමාන ජාතික කොඩිය වශයෙන් භාවිත කරන තීරු සහිත කොඩිය 1949 නිර්මාණය
කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා අභිමානය පිළිඹිබු කරන ලෙස ජාතික සංකේත භාවිත
කරමින් කරන ලද නිර්මාණයකි. 

ජාතික කොඩියේ වර්ණ හා සංකේත මගින් පිළිබිඹු කරන අර්ථ නිරූපණය 

  • කඩුව අතින් ගත් සිංහයා-තේජස හා උත්තරීතරභාවය
  • පාද තුනකින් සිටගෙන අසිපත දරා සිටීම-තුන් සිංහලයේ එක්සත්බව
  • අසිපත-පරමාධිපත්‍යය
  • බෝකොළ සතර-සතර බ්‍රහම විහරණ් (මෙත්තා, කරුණා, මුදිතා,උපේකෂා)
  • රඹපාට තීරුව-ද්‍රවිඩ ජනතාව
  • කොළපාට තීරුව-මුස්ලිම් ජනතාව
  • තද රතුපාට පසුබිම-ගාම්භීරත්වය, සමෘද්ධිමත් බව
  • කහ පාට-දැහැමි බව
  • හිසේ කේශර කැරලි තුන-ශීල, සමාධි, ප්‍රඥා
  • වළිගයේ පිහටීමි-ආර්ය අෂ්ඨාංගික මාර්ගය

සෙංකෝලය

“සෙංකෝලය” පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ අධිකාරී බලය සංකේතවත්
කරයි. එමෙන් ම එය සමස්ත මන්ත්‍රී මණ්ඩලයේ බලතල පිළිබඳ සංකේතයක් ද වෙයි. පාර්ලිමේන්තු රැස්වීමක් ආරම්භයේ දී කථානායකවරයා සභා ගැබට පිවිසෙනුයේ සෙංකෝලය රැගත් වේත්‍රධාරියා පෙරටු කොට ගෙන ය. සෙංකෝලය නොමැතිව රැස්වීම, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බල රහිත වේ. සෙංකෝලය යන්න බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949 දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන ලද්දකි. සෙංකෝලය යනු අතීතයේ දී අවියක් ලෙස භාවිතයට ගත් උල් සහිත ලෝහමය හිසකින්යුතු යෂ්ටියක් විය.එසේ ම නිලයක අධිකාරී බලය සංකේතවත් වන පරිදි ඔසවා ගෙන යන හෝ ප්‍රදර්ශනය කෙරෙන විසිතුරු යෂ්ටියක් යනුවෙන් ද හඳුන්වනු ලබයි. එවැනි අර්ථයක් සහිතව අඩසිය වසකට වඩා පැරණි සෙංකෝලයේ සැලසුම නිර්මාණය
කිරීමේ ගෞරවය හිමිවනුයේ එස්.පී චාල්ස් ශූරීන්ට ය. 1947 එස්.පී. චාල්ස් විසින් අඳින ලද සැලසුම් අනුව මෙම සෙංකෝලය නිර්මාණය කරන ලද්දේ බි්‍රතාන්‍ය රාජකීය ආභරණ නිෂ්පාදන සමාගමක් විසිනි.සෙංකෝලය සැලසුම් නිර්මාණය කිරීමේ දී දේශීය අනන්‍යතාව මනාව ප්‍රදර්ශනය කරන සාම්ප්‍රදායික සැරසිලි රටා හා ආකෘති භාවිත කර තිබේ. සෙංකෝලය දිගින් සෙ.මී. 122 ක් වන අතර මෙම නිර්මාණය සඳහා රන් රිදී මැණික් මෙන්ම මිට සාදා ගැනීම සඳහා ක`ඵවර ලී භාවිත කොට ඇතිබව දැකිය හැකි ය. ක`ඵවර ලීයෙන් තැනූ මිට මධ්‍යයේ බිනර මල හා පලා පෙති රටාවලින් අලංකාර කර ඇත. ක`ඵවර මිටට ඉහළින් පොළොන්නරු සම්ප්‍රදාය අනුව රන් හා රිදියෙන් කළ කු`ඵණු හිසකි.එහි මුල මැණික් ඔබ්බවා ඇති මුතු දැල් රටාවකි.කු`ඵණු හිස මත මහනුවර සම්ප්‍රදාය අනුව රිදියෙන් කළ කතුරු මල සහිත පේකඩයකි. (එය හිඳගල විහාරයේ පේකඩවල ආභාෂය සහිත වේ.) පේකඩයට පසු රිදියෙන් කළ ඝනකයකි. එහි සිව් පස සදාකාලිකත්වය, සාධාරණත්වය, සෞභාග්‍යය සංකේතවත් කරමින් ඉර, හඳ, ධර්ම චක්‍රය හා පුනකලස කැටයම් කර ඇත. ඝනකය මත සෙංකෝලයේ ප්‍රධාන කොටස වන රිදියෙන් කළ සෙ.මී. 15 ක් විශ්කම්භයෙන්යුතු ගෝලයකි. ඒ මතු පිට කඩුවක් අතින්ගත් සිංහරුවක් අල්ප උන්නතව නිර්මාණය කර ඇත. ගෝලයේ ඉහළ හා පහළ රිදියෙන් හා රනින් කළ පලා පෙති (නෙ`ඵම් පෙති) රටාවකි.ඊට ඉහළින් කේතුකාකාර අටැස් පළිඟුවකි. එය චෛත්‍යයක කොත මුදුනේ ඇති චූඩා මාණික්‍ය හැඩය ගනියි. එය නිර්මලත්වය හාඋත්තරීතරබව සංකේතවත් කරයි. මෙවැනි ස්වරූපයක් සහිත සෙංකෝලය සිංහල රාජසභාවේ දී භාවිත කළ යෂ්ඨිය, සෝ`ඵ ලීය, ලීලා දණ්ඩය යන නම්වලින් හැඳින් වූ නිර්මාණයට සමාන වේ.


අවුකන විහාරය