මුර
ගල
අතීතයේ සිංහල කලා ශිල්පියාගේ අපූරු
නිර්මාණයකි මුරගල. මෙය දොරටු පාල රූපය ලෙසද හඳුන්වයි. කළු ගලින් හෝ හුණු ගලින්
නිර්මාණය කළ මේ ගල් පුවරුවේ මුදුන කවා කාර හැඩයකින් යුක්තය පැරණි ගොඩනැගිලි වල
පියගැට පෙළ ඉදිරිපිට ඉදිකරන ලද මුරගල කොරවක්ගලට සම්බන්ධ වූවකි. අනුරාධපුර
මුල්යුගයට අයත් මුරගල් වල කැටයම් දක්නට නොලැබේ. මුරගල් වල කැටයම් කිරීම ක්‍රමයෙන්
ආරම්භ වූවකි. මේ අනුව කලකට පසුව මුරගල් පුන්කලස් යොදා ගෙන අලංකාර කෙරිනි.
අනුරාධපුරයේ මහා විජයබා මාලිගයේ හා අස්ගිරිය දොරටුව අභියස ඇති මුරගල් වල එක් තැනක
පුන් කලස රේඛා වලින් දක්වා ඇති අතර තවත් අවස්ථාවක බහිරව රූප යොදා මුරගල අලංකාර කර
ඇත. එම මුරගල් වලින් නිරූපනය වන්නේ ඉසුරට අධිපති කුවේරයාගේ අතවැසියන් වන පද්මනිධි,සංඛනිධි දෙදෙනා යැයි අදහසක් ද වේ.
පසු
කාලීනව පුන් කලස හා බහිරව රූපයද ඇතුළත් කර සිංහල කලා ශිල්පියා මානව රූපයකින් යුත්
වඩාත්කලාත්මක මුරගල් නිර්මාණය කරන ලදී. එම මානව රූපයෙන් නිරූපනය වන්නේ මිනිස්
වෙසින් සිටින නා රජෙකු යැයි වියත්හු පවසති. මේ නා රජුගේ දොරටු පාල රූපයේ මුහුන
ශාන්තය. තරුණ රණ පෙනුමකින් යුක්තය. දෙනෙත් විවෘතය. කර්ණාභරණ හා ග්‍රීවාභරණ නිසා
රූපයේ චිත්තාකර්ශණීය බවක් ඇතිවේ. එම රූපයේ යටි කය දූතියක් වැනි ඇඳුමකින් සරසා ඇති
අතර රෙදිපිළි වල රැලි දක්වා ඇත්තේද සිත් කලු අයුරෙනි. රූපයේ පාමුල බහිරව රූපයක් හෝ
දෙකකි. නා රජුගේ එක් අතක ඇති පුන්කලස නෙළුම් මලින් හා නෙළුම් කොළ වලින් පිරී ඇත.
පහලට හෙලන ලද අනෙක් අතින් ඉහලට විහිදී යන ලතාවක් දක්නට ලැබේ. එය ඉතා සූක්ෂම ලෙස
කැටයමට නගා තිබේ .හිස වටා ඇත්තේ නයි පෙණ වටයකි. එය ගල් පුවරුවේ මුදුනේ ඇති කවාකාර
හැඩය අනුව සැකසී ඇත. හිස පැලඳි කිරුළද කවාකාර හැඩයකින් යුක්තය.
රත්න ප්‍රාසාදයේ මුරගල
අනුරාධපුර
යුගයට අයත් උසස් කලා ලක්ෂණ පිරි මුරගල ලෙස සැලකෙන්නේ රත්න ප්‍රාසාදයේ ඇති මුරගලයි.
මේ මුරගලේ නාරජුගේ රූපයේ ශරීර අවයවයන්ගේ හැඩය මතුකර දැක්වීමටත් ගත සරසන ලද ආභරණ
ආදියේ සියුම් අංග මනා සේ දැක්වීමටත් ශිල්පියා සමත් වී ඇත. රූපයේ හිස වටා නයි පෙන
හතකි. පාමුල බහිරව රූපයකි. මුහුනේ බැල්ම පියකරුය එහි ඇති විශේෂ ලක්ශණයක් නම් හිසට
ඉහලින් ඇති කවාකාර කොටස කැටයමින් අලංකාර කර තිබීමයි.එහි යොදා තිබෙන මකර මුඛ සහ ගව
රූප ඉතා සූක්ෂම ලෙස කැටයම් කර ඇත. එක් අසෙකින් මුර ගලට සම්බන්ධ කර ඇති කුලුනු හිස
මත ඇතෙකුගේ රුවක් මූර්තිමත් කර ඇත. රත්න ප්‍රාසාදයේ මුරගල සජීවී ලක්ෂණයන්ගෙන්
යුක්ත නිර්මල කලාකෘතියක් යැයි පුරාවිද්‍යාඥ හොකාර්ට් මහතා ද සඳහන් කරඇත.