Showing posts with label සුමන දිසානායක 1892. Show all posts
Showing posts with label සුමන දිසානායක 1892. Show all posts

Tuesday, August 14, 2018

සුමන දිසානායක 1892

සුමන දිසානායක වර්ෂ 1892 මාතර කඹුරුපිටියේ උපත ලැබුවේය. 1932 - 1942 කොළඹ ටෙක්නිකල් කොලීජියේ ශිල්ප හදාරා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චිත්‍ර කලා පරීක්ෂක හා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ චිත්‍ර කලා අධ්‍යක්ෂක ධූරය හෙබ වීය. එංගලන්තය හා නෙදර්ලන්තය ආශ්‍රිත ව චිත්‍ර කලාව පිළිබඳව පුහුණුව ලැබූ අයෙකි. ඔහු ළමා පොත් නිර්මාණ සඳහා නවතම ශෛලියකින් යුතු චිත්‍ර ආරක් බිහි කළ ශිලපයෙකි.්තෙල් සායම්, දිය සායම්, ඇක්‍රලික් ආදී විවිධ මාධ්‍ය භාවිතයෙන් නිර්මාණ කරණයේ යෙදුණ ශිලපයෙකි.්ඔහු නිර්මාණ කරණයේ දී සරල හා වියුක්ත හැඩතල මෙන් ම වර්ණ සංයුතිය ද ඉතානිර්මාණශීලව භාවිත කර ඇත.මුල් කාලයේ චිත්‍ර ද්‍රව්‍යමය හා රූපක ඇසුරෙන් නිර්මාණ කළ අතර ඒවා ලෞකික සංකල්පයන්ගෙන් යුක්ත වේ. ලෝකොත්තර සංකල්ප මත පදනම් වූ අධි තාත්වික හැඟම් ලබාදෙන සමාධිමය වින්දනයකටී තුඩු දෙන ලෙස නිර්මාණ කර ඇත. සන්නිදර්ශන චිත්‍ර, පිටකවර, ළමා පොත්, සඟරා ආදිය සඳහා චිත්‍ර සරල හැඩතලවලින්නිර්මාණය කර තිබීම ද දැකිය හැක. සරළ හා නූතන හැඩවලට අයත් බතික් නිර්මාණයන්ගේ ආරම්භක පුරෝගාමියාද වෙයි.

අවුකන විහාරය