වාහල්කඩ
ලාංකීය
කලා ශිල්පීන් විසින් සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් විවිධ කැටයම් නිර්මාණය කර ඇති
අපූරුව දකිය හැකි අවස්ථා බොහෝයි. මේ නිර්මාණ අතර සුවිශේෂ නිර්මාණයක් ලෙස චෛත්‍ය හා
සම්බන්ධ වූ වාහල්කඩ හඳින්විය හැකිය. වාහල්කඩ තැනීමේ අදහස කුමක්ද යන්න පැහදිලිව
කිවනොහැකි වුවත්, ස්තූප ඉඳිකර ඒවායේ අලංකරය සඳහා කරන ලද
නිර්මාණයක් බව හොඳින් පැහැදිලිය. ස්තූපයේ සතර පැත්තේ වාහල්කඩ සතරකින් අලංකාර වන
අතර භාරතයේ චෛත්‍යවල වාහල්කඩ හා සමාන අංගයක් ලෙස තොරණ නිර්මාණය කොට තිබේ. වාහල්කඩ
ගඩොලින් කරන ලද නිර්මාණයක් වන අතර තොරණ ලීයෙන් කරන ලද නිසා ඒවා අද වනවිට අභාවයට
ගොස් තිබේ.
මෙතෙක්
හමුවී ඇති වාහල්කඩ අතරින් මිහින්තලේ කන්ඨක චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩ උසස් කලා
නිර්මාණ වලින් යුක්ත වාහල්කඩ ලෙස සලකෙයි. චෛත්‍යයේ සතර පැත්තේ ඇති මෙම වාහල්කඩ වල
සිරිපා යුගලක් සටහන් කර පුවරුවක් බැගින් තිබුණි. නිර්මාණය කර ඇති ආකරය හා සැලැස්ම
අතින් වාහල්කඩ සතර එකිනෙකට සමාන බවක් පෙන්වයි. නැගෙනහිර වාහල්කඩෙහි පහල තීරුව ඇත්
හිස් වලින් නිර්මාණය කර ඇත. ඉහලම තීරු දෙකින් එකක හංස රූප දැක්වෙන අතර අනෙක් තීරුව
විවිධ ඉරියවු වලින් සිටින වාමන රූප දැක්වේ.
වාහල්කඩ සතරේ ඇති සෑම ගල් කණුවක්
මුදුනේම ඇත්, අස්, ගව, සිංහ රූපයක් දක්නට ලැබෙයි. උතුරු වාහල්කඩ ගල්කනු මත සිංහ රූපයද
නගෙනහිර වාහල්කඩ ගල්කනු මුදුනේ ඇත් රූපයද දකුණු වාහල්කඩේ ගව රූප දෙකක්ද බටහිර
වාහල්කඩේ අශ්ව රූප දෙකක්ද දක්නට ලැබෙයි.