අපේ රටේ පැරණි බුදු පිළිම
ගෞතම බුදුරජාණන් වහන්සේට බැතිමතුන්ගේ
තිබූ ගෞරවය පිළිබිඹු කිරීමට බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයේදී මූර්ති ශිල්පීහු
බුදු පිළිම නෙලීමට පෙළඹුණහ. බුදු පිළිම නෙලීමට පෙර කාලයේ බුදුරජුන්ගේ සිරිපතුල
වැඳීමට ගෞතම බුදුන් සරණ ගිය බැතිමත්හු පෙලඹී සිටියහ.
බුදු පිලිම කලාව තුල ගාන්ධාර ,මථුරා සහ අමරාවතී කලා සම්ප්‍රදායන්
දක්නට ඇත. පරණිතම බුදු පිළිම ඉන්දියාවේදී හමුවන්නේ වයඹ දිග පෙදෙසිනි. ඒ ක්‍රි.ව. 120දී පමණ රජකල කනිෂ්ක රජ දවසේදීය. නමුත්
අපේ රටේ බුද්ධිමතුන්ගේ මතයට අනුව පරණිතම බුදු පිළිම ලංකාවේදී නිර්මාණය කර ඇත.
අනුරධපුර සමාධි බුදු පිළිමය
බුදුරජාණන් වහන්සෙගේ මහා පුරුෂ ලක්ෂන
මෙම පිළිමය තුල නිර්මාණය කර ඇත. කලා වැවට මුහුණ ලා පද්මාසනයක් මත නෙලා තිබේ. අඩි 37.26ක් උස අවුකන පිළිමය දකුණු අතේ අත්ල
පිළිමයේ වම් පසට හරවා සිටින අයුරින් නිර්මාණය කර ඇත. මෙම බුදු පිළිමය ක්‍රිස්තු
වර්ෂ 8වනි සියවසේ පමණ නෙලන්නට ඇති බව විශ්වාස
කෙරේ.
මාලිගාවිල බුදු පිළිමය
මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියේ
පිහිටා ඇති මෙම පිළිමය වෙනත් පිළිම මෙන් කළුගලින් නෙලා නැත. මෙය ස්ඵටික හුනු ගලින්
නෙලා ඇත. මෙය හිටි පිළිමයකි. අඩි 37 අඟල්10 ක් උසය. දැනට ලංකාවේ ඇති උසම හිටි
පිළිමයයි.
ගල් විහාරයේ බුදුපිළිමය
හිඳි පිළිමය වජ්‍රාසනාරූඞ ධ්‍යාන මුද්‍රාවෙන්ද, හිටි පිළිමය සමාදි ඉරියවුවෙන්ද දක්නට
හැකි හිඳි පිළිමය විශාල ප්‍රමාණයේ සැතපෙන පිළිමයකි. හිටි පිළිමය අඩි 22 අඟල් 9ක් උසය. මෙය ක්‍රි.ව. 1153 දී පමණ මහා පරාක්‍රමබහු රජතුමා විසින්
කරවන ලද්දකි.
මහ ඉලුප්පල්ලම පිළිමය
තොලුවිල බුදු පිලිමය
ප්‍රතිමාවේ මුහුණින් මතුවන ශ්‍රී සෝභාව
විශිෂ්ඨය හිසකේ අක්බඹරු වී ගිය විලාශයක් දක්නට ලැබේ. චීවරය රැලි රහිතය. සමාධි
පිළිමය මෙන් ධ්‍යාන මුද්‍රාවෙන් යුක්ත වීරාසන ක්‍රමයට අඩි 5 යි අඟල් 9 ක් උස මෙම පිළිමය දැනට කොළඹ ජාතික
කෞතුකාගරයේ දක්නට ඇත මෙය 5වන සියවසට අයත්ය.
සැස්සේරුව හිටි පිළිමය
සැස්සේරුව වනගත ගිරි දුර්ගයෙන් සොයාගත්
යෝධ හිටි පිළිමය ක්‍රි.ව. තුන් වන සියවසට අයත් යයි සැලකේ. මෙය අවුකන පිළිමයට වඩා
උසින් අඩුය. ගලේ ඇතුලට වන්නට නෙලා ඇති අතර පාද වලට පාදමක් සවිකර නොමැත. අභය මුද්‍රාව
නිරූපනය කරයි. පරණවිතාන මහතගේ අදහස වන්නේ,මෙය මහායාන භික්ශූන්ගේ අනුශාසනාව පරිදි මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක්
බවයි. ප්‍රතිමාවේ වඩ අවසන් කිරීමට ප්‍රථම රජතුමා මියගිය බැවින් එහි වැඩ අවසන් නොකල
බවද සඳහන් වේ.
බුදුරුවගල පිළිමය
තන්තිරිමලේ පිලිමය
ක්‍රි.ව. පස්වනි සියවසට අයත් යයි
සැලකෙන හිඳි පිළිමයක් තන්තිරිමලේ පර්වතයක නෙලා ඇත. පර්වතයේ නොගැඹුරු වලක් වැනි
තැනක පිටට නෙරා තිබෙන මේ ප්‍රතිමාවේ හිසට පිටුපසින් රශ්මි මාලාවක්ද පිළිබ්ඹු කර
ඇත. එසේම ආසනයේ පිට තබා ගැනීමට ඇන්දක්ද තිබේ. අන්දේ උඩකොටස ඉදිරියට නෙරා ඇති මකර
හිස්වලින්ද පැති සිංහ රූපයන්ගෙන්ද අලංකාර කර ඇත. ආසනය පිටුපස දෙපැත්තෙන්ම චාමර
අතින්ගත් දේව රූප දැක්වේ