ජෝර්ජ් කීට් ක්‍රි.ව. 1901
ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය.මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් දනිර්මාණය කර ඇත.නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටමආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය. කොළඹ - බොරැල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය.ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
මහමායා දේවිය දුටු සිහිනය
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
සරණ මංගල්‍ය
නළඟනන්ගේ විකාර දැකීම
සතර පෙර නිමිති දැකීම
මාරපරාජය
මෙම සිතුවම් සෙ.මී. 192 ක් පමණ උස්වූ බිත්තියක ජීව ප්‍රමාණයෙන් ඇඳ ඇත.ජෝර්ජ් කීට් ශිල්පියා සිතුවම් නිර්මාණයේ දී රේඛාවට ප්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වක්‍ර රේඛා වශයෙන් හඳුනාගත හැකි ය.නිතැතින් ම ගලායන ජීවමය ගුණයෙන් යුතු රේඛාවෙන් රූපවල පිරුණු බව මනා ව ඉස්මතු කරඇත.රතු, සුදු, දුඹුරු, කහ, නිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත්‍රිමාන ලක්‍ෂණ මතු කරඇත.මෙම සිතුවම් වියළි බදාමයේ අඳින ලද බිතුසිතුවම් ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කර ඇත.ගෝතමී විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන ‘මාර පරාජය’හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී ශෛලීය ලක්ෂණ ආභාසය කර ගත්නිර්මාණයකි.ඝනිකවාදී හැඩතල භාවිත කිරීමෙන් මාරසේනාවේ මුහුණුවල රුදුරු භයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.මාර පිරිසට දුඹුරු,අ,, ක`ඵ වැනි අඳුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අඳුරු කහ, ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින්ත්‍රිමාන ලක්‍ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.රූප වටා පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුට මආවේණික වූවකි.
ජෝර්ජ් කීට් ශිල්පියා විසින් නායිකා චිත්‍ර ගණනාවක් ඇඳ ඇත.මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් මත කරන ලද චිත්‍ර නිර්මාණයන් ය.නායිකා සිතුවම් අනුරාගී බවින් යුතු ප්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීමසඳහා පු`ඵල් ඇස් හාහා පු`ඵල් දෙතොල් නිරූපණය කර ඇත.නිර්මාණයේ අලංකරණය මෙන්ම ප්‍රකාශන ශක්තිය තීව්‍ර කිරීම සඳහා ද රේඛාකරණය මැනවින්භාවිත කර ඇත.මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ මෙන් ම හින්දු දර්ශනයේ තන්ත්‍රයාන ලක්ෂණ ද ලැබී ඇතැයි විචාරක මතයයි.අඳුරු වර්ණ මෙන්ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කර වර්ණවත් කර තිබීම මෙම
නායිකා සිතුවම්වලින් දැකිය හැකි ය.